කොළඹ දින තුනක රථ වාහන සැලැස්මක්

මෙරට නිල චාරිකාවක් සඳහා මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මොයිසු මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.

ඔහු පැමිණීමේ උත්සවය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පැවැත්වෙනවා.

කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක‍ කිරීමට පියවර ගෙන තිබෙනවා.

මාලදිවයින් ජනාධිපතිවරයා අද පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමෙන් පසු කොළඹ බලා පැමිණීමේදී භාවිතා කෙරෙන මාර්ග කිහිපයක ගමනා ගමනය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

එම රථවාහන සැලැස්ම පහතින්,