ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් 32 වටයේදී ජපාන කණ්ඩායම සමග පැවති තරගය ජය ගැනීමට බ්රසීල කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගය පැවැත්වුණේ, අමෙරිකාවේ හූස්ටන් ක්රීඩාංගණයේදී.
තරගය ආරම්භයේ සිට ජපාන කණ්ඩායම බ්රසීල කණ්ඩායටම දැඩි අභියෝගයක් එල්ල කළා.
ඒ අනුව, පළමු අර්ධය නිමා වුණේ, ගෝල 1 ට බින්දුවක් ලෙස ජපාන කණ්ඩායම පෙරමුණ ගනිමින්.
29 වැනි මිනිත්තුවේදී එම ගෝලය වාර්තා කළේ, ජපාන ක්රීඩක කයිෂු සානෝ විසින්.
නමුත්, දෙවැනි අර්ධයේදී දක්ෂ ක්රීඩා විලාශයක් පෙන්නුම් කරමින් බ්රසීල කණ්ඩායම ගෝල දෙකක් ලබා ගත්තා.
ඒ, 56 වැනි මිනිත්තුවේදි කැසම්රෝ සහ 95 වැනි මිනිත්තුවේදී ගේබ්රියෙල් මාටිනෙලී විසින්.
ඒ අනුව, ගෝල 2 ට 1 ක් ලෙස තරගය ජය ගැනීමට බ්රසීල කණ්ඩායම සමත් වුණා. එම ජයග්රහණයත් සමග බ්රසීලය, කණ්ඩායම 16 වටයට සුදුසුකම් ලැබූවා.
ජපාන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.
