ප්‍රංශයේ සැලසුම ඉරානය ප්‍රතික්ෂේප කරයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ ඉවත් කිරීම සඳහා ප්‍රංශය ඉදිරිපත් කර ඇති සැලසුම් ද ප්‍රතික්ෂේප කරන බව ඉරානය කියා සිටිනවා.

මෙවැනි සංවේදී අවස්ථාවක බාහිර පාර්ශ්වයන් මැදිහත් වීමෙන් කලාපීය ආරක්ෂාව තවදුරටත් අනතුරේ වැටිය හැකි බවයි.

එසේම, විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත නාවික කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සහ ඉරාන තෙල් අපනයන සම්බාධක ලිහිල් කිරීම වැනි මූලික එකඟතාවන් අමෙරිකාව විසින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන තෙක්, න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වන අවසන් දේශපාලන සාකච්ඡා සඳහා තම රට කිසිසේත්ම සහභාගී නොවන බව ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ද අවධාරණය කර ඇති බවයි.