ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් වගාවන් සඳහා බීජ ඉසීමේ වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කය තුළ බීජ හා පොහොර ඉසීමේ වැඩසටහනක් මිනිපේ හසලකදී ඊයේ (20) ආරම්භ වුණා.
යල කන්නයේ අතරමැදි වගාවක් වශයෙන් ආරම්භ කරන ලද මුං වගාවක් සඳහා බීජ හා පොහොර ඉසීම මෙහිදී සිදුවූ අතර නියමු ව්‍යාපෘතියක් වශයෙන් අක්කර භාගයක වගාවක් මෙහිදී ආරම්භ කෙරිණි.
කෘෂීකර්ම දෙපාර්තමේන්තුවේ මහඉලුප්පල්ලම, ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ මෙහෙයවීම මත හසලක අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ නව තාක්ෂණය පිළිබඳව ගොවින් දැනුවත් කිරීම ද සිදුවිය.
කෘෂිකාර්මික නවීකරණය සමඟ ගොවින්ගේ වගා කටයුතු පහසු කිරීම සහ වියදම අවම කිරීම සඳහා මෙම තාක්ෂණය නිරිදේශ කර ඇතැයි මහඉලුප්පල්ලම, ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ ආචාර්ය ස්වර්ණා හේරත් මහත්මිය සඳහන් කළාය.
නියමු ව්‍යාපෘතියක් වන අක්කර භාගයක පමණ මුං වගාවේ බීජ වැපිරීම සඳහා මිනිත්තු පහක් වැනි කාලයක් මෙහිදී ගත විය.
වැඩසටහන හදුන්වාදීමේ අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ ඇතුළු කෘෂිකර්ම නිලධාරීන් ද ගොවින් හා ගොවි සංවිධාන නියෝජිතයන් ද සහභාගී වූහ.
