දිස්ත්‍රික්ක 11කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයෑම් අනතුරු ඇගවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ, අදියර 2 යටතේ දිස්ත්‍රික්ක 03 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 08 කට සහ අදියර 01 යටතේ දිස්ත්‍රික්ක 1 1 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 47 ක් සඳහායි.

ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට අදියර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙසට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. 

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, අගලවත්ත, බදුරලිය, වලල්ලාවිට සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගුයි. 

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හාලිඇල සහ පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර එක යටතේ විමසිල්ලෙන් සිටින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු අඟවා ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ නියගම, තවලම සහ ඇල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙය වලංගුයි. 

මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ, පස්බාගේ, දොළුව, යටිනුවර, උඩපළාත, ගඟ ඉහළ කෝරළේ, අකුරණ, හාරිස්පත්තුව, උඩුනුවර, පූජාපිටිය,  ගඟවට කෝරළේ, පහතහේවාහැට, හතරලියැද්ද, දෙල්තොට සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙය බලාත්මකය. 

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල, බුලත්කොහුපිටිය, රඹුක්කන, කෑගල්ල, යටියන්තොට සහ වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එම සංවිධානය සඳහන් කළේ. 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, අඹන්ගඟ කෝරළය සහ රත්තොට යන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගුයි. 

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, බිබිල සහ බඩල්කුඹුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ්, කොත්මලේ උතුර සහ අඹන්ගඟ කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. 

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම, කිරිඇල්ල, ගොඩකවෙල, ඇහැළියගොඩ සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.