කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිර දඬුවම් නියම වී සිටින හිටපු ඇමති නලින් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 25 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.
මෙම පෙත්සම පී.කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විත්තිකරු වෙනුවෙන් නීතිඥ රම්සි බාචා මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධයන් අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවකට වරදකරු කළ සිය සේවා දායකයාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් බරපතළ වැඩ සහිත වසර 30 ක් සිර දඬුවමක් නියම කර තිබෙන බව සඳහන් කළා.
එසේ තිබියදී නීතිපතිවරයා විසින් එම චෝදනා සම්බන්ධයෙන් තවත් නඩුවක් ගොනු කර ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එකම චෝදනාවකට දෙවතාවක් නඩු පැවරීම නීතියට පටහැණි බවත් පෙන්වා දුන්නා.
මෙම කරුණ සම්බන්ධයෙන් සිය සේවා දායකයා මහාධිකරණ නඩු විභාගයේදී මූලික විරෝධතා මතු කළද මහාධිකරණ විනිසුරුවරයා එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.
