පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (06) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.

පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.

පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහායි වෙන් කර තිබෙන්නේ.

පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීම සඳහා කාලය වෙන් කර ඇත.

නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා – පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් සකස් කිරීම.

ලසිත් භාෂණ ගමගේ මහතා – මාර්ග රක්ෂිතයන්හි ගස් සිටුවීම, විද්‍යාත්මකව කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම.

නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා – ලංකාවේ සියලුම අධ්‍යාපන විද්‍යා පීඨ විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරීම.

රවීන්ද්‍ර බණ්ඩාර මහතා – සුහුරු විදුලිබල පද්ධතියක් සහ සුහුරු මීටර් හඳුන්වාදීම.

රෝහණ බණ්ඩාර මහතා – පිහිනුම් කුසලතාවය ඉහළ දැමීමේ වැඩසටහනක් සකස් කිරීම.

උපුල් කිත්සිරි මහතා – උඩවලව ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස නම් කිරීම.

නීතිඥ හිරුණි විජේසිංහ මහත්මිය – ජපන් ජබර ශාකයේ ව්‍යාප්තිය හිතකර ලෙස පාලනය හා මර්දනය කිරීම.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.