හබරාදූව, එරමුදුගහ හන්දිය ප්රදේශයේදී ඊයේ (21) දින දහවල් හබරාදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්රව්ය ග්රෑම් 12 මිලිග්රෑම් 620 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 34 ක් වන වංචාවල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිදුකළ විමර්ශනයේදී සැකකරු ගාල්ල මහාධිකරණ මඟින් වරෙන්තු නිකුත්වී ඇති අයෙකු වන අතර 2026.10.08 වන දින කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ බවට පොලිසිය සැක කරයි.
තවද, හබරාදූව පොලිස් ස්ථානය වෙත වාර්තා වි තිබූ වෙළඳසැල් බිඳ දේපල සොරකම් කිරීමේ අපරාධ දෙකකට සහ පාපැදියක් සොරකම් කිරීමේ අපරාධයකට අවශ්ය කරන සැකකරුවෙකු බවට ද අනාවරණය වී ඇත.
හබරාදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.