2026 රාජ්ය වෙසක් උත්සවය මාතර තිහගොඩ පොලිස් වසමේ මිදෙල්ල වල පුරාණ විහරස්ථානය මුල් කරගෙන පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.
ජාතික වෙසක් උත්සවසට සමගාමීව අද (29) දින මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ සවඥ ධාතු පෙරහර සවස 0500 සිට එදින රාත්රී 10.00 දක්වා විධි සංචාරය කිරීමට නියමිත අතර ඒ හේතුවෙන් මාතර හක්මණ මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මකයි.
පෙරහර තිහගොඩ ජාතික පාසල අසලින් ගමන් ආරම්භ කර මාතර දෙසට ගමන් කර මිදෙල්ලවල පුරාණ විහාරය අසලින් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.
එම කාලය තුල මාර්ගයේ ගමනාගමනය සඳහා තිහගොඩ ජාතික පාසල අසල සිට විහාරස්ථානය දක්වා මාර්ග කොටස වසා තබන බැවින් රියැදුරන් පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
විකල්ප මාර්ග :-
මාතර දෙස සිට මිද්දෙණිය, හක්මණ දෙසට ගමන් ගන්නා සියළුම වාහන දියගහ හන්දියෙන් අපරැක්ක හරහා යටියන දෙසට ගමන් කර මිද්දෙණිය හා හක්මණ දෙසට ගමන් කිරීමට හැකියාව ඇත.
මිද්දෙණිය, හක්මණ දෙස සිට මාතර දෙසට පැමිණෙන සියළුම වාහන යටියන, අපරැක්ක, දියගහ හන්දිය හරහා මාතර දෙසට ගමන්කල හැකියි.
දෙයියන්දර, කඹුරුපිටිය හරහා මාතර දෙසට ගමන් ගන්නා සියළුම වාහන කඹුරුපිටිය ගම් උදාව හන්දියෙන් හෝ තිහගොඩ පොලතුගොඩ පහළ විටියල, නාරංගල, කද්දුව, මාළිම්බඩ, අකරැස්ස මාර්ගය හරහා මාතර දෙසට ගමන්කල හැකියි.
ඉහත මාර්ගය වසා තබන කාලය තුල රථවාහන රාජකාරි යෙදී සිටින නිලධාරින්ගේ මග පෙන්වීම මත මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් හා රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
