රත්මලානේදී මහා පරිමාණ හෙරොයින් වැටලීමක්

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ අද (23) දින දහවල් නිවසක් පරීක්ෂා කර හෙරොයින් කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 150ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතයි.

සැකකරු වයස අවුරුදු 49ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම මත්ද්‍රව්‍ය තොගය දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

වලාන දූෂණ දර්ධන ප්‍රහාරක ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.