පවතින වර්ෂාපතනය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක වැව් පිටාර ගලා තිබෙනවා.
වවුනියාව, නෙඩුන්කේනි, සෙට්ටිකුලම හා වවුනියාව දකුණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් වැව් මෙලෙස පිටාර ගලන අතර එම ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යට වී ඇත.
අද දවසේ වර්ෂාපතනයේ අඩුවක් දක්නට ලැබෙන නමුත් වැව් පිටාර ගලන ජලය නිසා බොහෝ ප්‍රදේශවල ජල ගැලීම් වාර්තා වන බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙම තත්ත්වය මත තවදුරටත් ජනතාවගේ එදිනෙදා කටයුතු වලට බලපෑම් එල්ල වී තිබෙනවා.
