වැල්ලවාය අලිකොටආර ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් සහ එක් වාන් දොරටුවක් අඩිය බැගින් තවදුරටත් විවෘත කර ඇති අතර එම ජලය ගලා බසින අලිකොටආර හරහා ඇති වේවැල්කදුර වැල්ලවාය මාර්ගයේ සපත්තු පාලම ජලයෙන් යට වී තිබෙනවා.
එම නිසා මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බධා එල්ල වී ඇති අතර මෙම ජලය කිරිඳිඔයට ගලා බසින බැවින් කිරිදිඔයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇත.
එම නිසා කිරිඳිඔය දෙපස ජනතාව සහ කිරිඳිඔය භාවිතයට ගන්නා ජනතාව නිරන්තර අවදානයෙන් පසුවීම වැදගත්.
