හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද විශේෂ නිවාඩු දිනයක්

පවතින අධික වර්ෂාව හේතුවෙන්, හැටන් අධ්‍යාපන කලාපයේ සියලු පාසල් සඳහා අද (15) නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.