විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ලේඛන සහතික කිරීමේ සියලුම සේවාවන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, බත්තරමුල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයේ ප්‍රධාන කාර්යාලය මෙන්ම යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සේවාවන් ද මෙලෙස අත්හිටුවා ඇති බවයි.
අදාළ තාක්ෂණික සේවා සපයන්නන් සමග සම්බන්ධ වී හැකි ඉක්මනින් e-DAS පද්ධතිය යථා තත්ත්වයට පත් කර සාමාන්‍ය සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍යාංශය සඳහන් කරනවා.
