වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 1.44 කින් හෙවත් 1.32% කින් ඉහළ ගොස් ඩොලර් 110.70 ලෙස සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය මැයි 5 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගය ලෙස ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම WTI තෙල් මිල ද මැයි 4 වැනිදායින් පසු එහි ඉහළම මට්ටමට පැමිණ ඇති අතර එහි බැරලයක් ඩොලර් 1.84 කින් හෙවත් 1.75% කින් ඉහළ ගොස් ඩොලර් 107.26ක් ලෙස සටහන් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයට එරෙහි එක්සත් ජනපද – ඊශ්‍රායල යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන් ඇණහිට තිබීම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක් එල්ල වීම යන කාරණා හේතුවෙන් මෙසේ ලෝක වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි.