මධ්‍යම අධිවේගයේ තුන්වන පියවර අද සිට

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන අදියර අද (29) ජනාධිපති අනුර කුමාරදිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගලගෙදර බඹරගහ හන්දියෙන් ආරම්භ වනවා.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවන අදියර ක්‍රියාත්මක වන්නේ රඹුක්න සිට ගලගෙදර දක්වායි.

මෙම ඉදිකිරීම් සඳහා සුදුසුකම් සහිත දේශීය කොන්ත්‍රාත්කරුවන් අතර තරගකාරී ප්‍රසම්පාදනය හරහා රජයේ මුදල් භාවිත කරමින් කොන්ත්‍රාත් පැකේජ 7ක් යටතේ ලංසු කැඳවා තිබුණා.

ඒ අනුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ද පසුගියදා හිමිවුණා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ වන විට පොතුහැර සිට රඹුක්කන දක්වා මාර්ගයේ ඉදිකිරීම් අවසන් අදියරට පැමිණ තිබෙනවා.

ඒ අනුව රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ මීළඟ අදියරේ කටයුතු ආරම්භ කිරීමටයි සියලු කටයුතු සූදානම්ව ඇත්තේ.