ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2026 වසරේ පැවැත්වීමට නියමිත ප්‍රධාන විභාග දෙකක් පැවැත්වෙන දින වකවානු නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන අගෝස්තු මස 10 වැනිදා සිට සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
මීට අමතරව, පාසල්වල සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යත්ව ප්රදානය කිරීම සඳහා වන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු මස 09 වන දින පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම විභාගයන් සම්බන්ධයෙන් කිසියම් විමසීමක් පවතින්නේ නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
