මඩුගස්තලාව රක්ෂිතය සුනුවිසුණු කළ ගින්න

වැල්ලවාය ඇල්ල මාර්ගයට නුදුරින් ඇල්ල සහ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතර පිහිටා ඇති මඩුගස්තලාව කඳු රක්ෂිතයේ විශාල ගින්නක් පැතිර ගොස් තිබෙනවා.

එම ගින්න නිසා රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති අතර ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇත.

ගින්න නිසා රක්ෂිතයේ තෘණ භූමිය සහ ඉපැරණි ශාක රැසක්ද විනාශ වී ඇති අතර අද අලුයම වන විට ගින්න සම්පුර්ණයෙන්ම පාලනය වී තිබෙනවා.