දකුණු නැගෙනහිර ආසියානු සෞඛ්‍ය සමුළුව ටිමෝර්-ලෙස්ටේහිදී අද සිට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වැනි සැසිවාරය ටිමෝර්-ලෙස්ටේ රාජ‍්‍යයේ ඩිලි නුවරදී අද ආරම්භ කෙරෙනවා.

ඒ සමුළුවේ වත්මන් සභාපති අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් ගේබ්‍රියස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව අද සිට ලබන 10 වැනිදා දක්වා පැවැත්වෙනවා.

දකුණු නැගෙනහිර ආසියානු කලාපයේ සෞඛ්‍ය අමාත්‍යවරුන්, ජ්‍යේෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මීට සහභාගීවීමට නියමිතයි.

ශ්‍රී ලංකාවෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුලු නියෝජිත පිරිසක් ඊට ඇතුළත්.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ දකුණු නැගෙනහිර ආසියානු කලාපයේ රටවල සෞඛ්‍ය පද්ධති ‍තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තීරණ ගැනීමට මෙන්ම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කලාපීය සෞඛ්‍ය ‍සහයෝගීතාව ඉහළ නැංවීමට මෙහිදී ශ්‍රී ලංකාවේ අත්දැකීම් හා යෝජනා ඉදිරිපත් කිරීමටද නියමිත බවයි.