පුරාවස්තු සොයා කැණීම් කළ 5ක් කොටු

ඊයේ (06) දින දහවල් හිඟුරක්ගොඩ පොලිස් වසමේ තල්පොත ප්‍රදේශයේදී පුරාවස්තු කැණීමේ අරමුණින් කැණීම් සිදුකල සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින්.

සැකකරුවන් අවුරුදු 19, 26, 45, 47 සහ 49 වයස්වල පසුවන පොළොන්නරුව හා පුලස්තිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

හිඟුරක්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.