අනාරක්ෂිත විදුලි රැහැණක් ජීවිත දෙකක් බිලි ගනී

අරලගංවිල, ඇල්ලේවැව ප්‍රදේශයේ ඊයේ (23) දින උදෑසන ඉඩමක් වටා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැණකින් විදුලි සැර වැදී පුද්ගලයෙකු හා කුඩා ළමයෙකු මියගොස් තිබෙනවා.

මරණකරුවන් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය පුද්ගලයා අවුරුදු 41 ක් වූ ඇල්ලේවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ළමයා අවුරුදු 05 ක් වූ ජාඇල ප්‍රදේශයේ පදිංචි මරණකරුගේ ඥාති ළමයෙකු වේ.

වන අලින්ගෙන් ආරක්ෂා වීම සඳහා නිවස වටා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැණක ගැටී මෙම මරණ සිදුව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අණාවරනය වී ඇත.

මරණකරුවන් බේරා ගැනීමට ගිය තවත් පුද්ගලයින් දෙදෙනෙකුටද විදුලි සැර වැදීම හේතුවෙන් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අරලගංවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.