පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන යමින් මුදල් වංචා කල සැකකරුවන් දෙදෙනෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වා ගෙන යාම, ප්‍රවර්ථනය කිරීම, ප්‍රචාරනය කිරීම, මුදල් සැපයීම, කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබූණා.
ඒ අනුව ඊයේ (03) දින මීගමුව ප්‍රදේශයේදී මෙම මුදල් වංචාවට අදාල සැකකරුවන් දෙදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 45 හා 59 වයස්වල පසුවන තිඹිරිගස්කටුව හා මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
