මීමුරේ දෙවන බස් රථයත් එහි ජනතාවට

අති දුෂ්කර මාර්ගයක් වන මීමුරේ වෙත ධාවනය කරවීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් පසුගිය සමයේ බස් රථ දෙකක් මෙරටට ආනයනය කර තිබුණා.

ඉන් එක් බස් රථයක් මීමුරේ වෙත ලබා ලබාදී දෙවන බස් රථය ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේ සේවක සුබ සාධන කටයුතු සඳහා යොදා ගැන පැවතුණා.

පසුගියදා මීමුරේ වෙත ලබාදී තිබූ බස් රථය කාර්මික දෝෂයට ලක් වීම හේතු කොටගෙන  ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් දෙවන බස් රථය ශ්‍රී ලංගමයෙන් ඉල්ලා සිටියා.

එහෙත්  ලංගම ප්‍රධාන කාර්යාලයේ සේවකයන් ඒ සඳහා අවස්ථාව ලබාදී නැහැ.

අද දින ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා  නාරහේන්පිට පිහිටි ලංගම ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ මහා සංඝරත්නයේ   ආශිර්වාද මධ්‍යයේ මීමුරේ වෙත බස් රථය නිදහස් කිරීම සිදුකළා.

මෙම අවස්ථාවට  මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී G M  බස්නායක මහතා, ශ්‍රී ලංගම සභාපතිතුමා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

නියෝජ්‍ය ඇමතිතුමා මේ සම්බන්ධව සහ ප්‍රවාහන අමාත්‍යංශය    සම්බන්ධ කරුණු පිළිබදව ප්‍රකාශයක් මාධ්‍ය වෙත ලබාදුන්නා.