
ලෝක විද්‍යාඥයන්ගේ සහ කාල සටහන් විශේෂඥවරුන්ගේ දැඩි අවධානය දිනා ගනිමින් පෘථිවියේ භ්‍රමණය ඊයේ වේගවත් වූ බවත්, එය සිය කක්ෂය වඩා භ්‍රමණය වන පැය 24ක සාමාන්‍ය කාලයට වඩා මිලි තත්පර 1.34ක අඩුවීමක් පෙන්නුම් කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෘථිවියේ භ්‍රමණය එවැනි වෙනසක් පෙන්නුම් කළ අවස්ථා ලෝක ඉතිහාසයේ ඇත්තේ අතළොස්සක් පමණක් බවත් ජාත්‍යන්තර විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එය මෑත ඉතිහාසයේ පෘථිවියේ භ්‍රමණ චක්‍රයේ සිදුවෙමින් පවතින සියුම් වෙනසක් බව ද විද්‍යාඥයන්ගේ අදහස වි ඇතැයි වාර්තා වේ.
එවැනි වේගයකින් හෝ ඊට වැඩි වේගයකින් පෘථිවිය සිය කක්ෂය වටා භ්‍රමණය වීමේ අවස්ථාවක් ලබන අගෝස්තු මස 5 වැනිදා සිදුවීමට ඉඩ ඇතැයි ද වාර්තා වේ. 1970 වසරේදී පෘථිවියේ භ්‍රමණය සම්බන්ධ දත්ත එකතු කිරිම ආරම්භ වීමෙන් පසු එවැනි අවස්ථාවන් කිහිපයක්ම විද්‍යාඥයන්ගේ නිරික්ෂණයට ලක්වී ඇති බැවින් මිලි තත්පර කිහිපයකින් පෘථිවි භ්‍රමණය වේගවත් වීම ලෝක ප්‍රජාවගේ දෛනික වේලාවට හෝ ජීවන රටාවට කිසිදු ආකාරයේ බලපෑමක් ඇති නොකරන බවද ජාත්‍යන්තර විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ජාත්‍යන්තර පෘථිවි භ්‍රමණ සහ විමර්ශන පද්ධති සේවය හා අමෙරිකාවේ නාවික නිරික්ෂණාගාරයේ දත්තවලට අනුව මේ වසරේ පෘථිවියේ කෙටිම භ්‍රමණය සිදුවී ඇත්තේ පසුගිය 10 වැනිදා වන අතර, එය සම්මත පැය 24ට වඩා මිලි තත්පර 1.36ක අඩුවීමක් පෙන්නුම් කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.