වැල්ලවත්තේ තායි SPA එකක් අල්ලයි

වැල්ලවත්ත ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක ගණිකා වෘත්තිය සිදුකරන බවට ලද තොරතුරක් මත, කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් විශේෂ වැටලීමක් සිදුකර ඇත.

මෙම වැටලීමේදී තායිලන්ත ජාතික කාන්තාවන් නව දෙනෙකු සහ එම ස්ථානය භාරව කටයුතු කළ කළමනාකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම, එම ස්ථානයේ කළමනාකරු ලෙස සේවය කළ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් තායිලන්ත ජාතික කාන්තාවන් නව දෙනා සහ කළමනාකරු, ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්ලවත්ත පොලිස් ස්ථානයට භාරදී ඇති බව වාර්තා වේ.

මෙම වැටලීම සහ ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන, කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එම්.එන්. ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.