ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අදට (01) යෙදි තීබෙනවා.

1886 වසරේදී මැයි මාසයේදී තම ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පුදා සටන් කළ කම්කරුවන් පැය අටේ වැඩමුරය ජය ගත් දිනය ලෙස මෙය සමරනු ලබනවා.

මෙවර මැයි දිනය සමරනු ලබන්නේ 139 වැනි වරටය.

අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා ක්‍රියාත්මක කළ අරගලය ලොව ප්‍රථම කම්කරු සටන ලෙස හඳුන්වන අතර මේ සඳහා කම්කරුවන් 40,000ක් පමණ එක්ව සිට ඇත.

එම සටන මර්දනය කිරීමට පොලීසිය කළ වෙඩි තැබීමෙන් කම්කරුවන් 11ක් මරුමුවට පත්ව තවත් කම්කරුවෝ 130ක් තුවාල ලැබූහ. වැඩවර්ජනයට එක් වූ කම්කරුවන් 100ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්විය.

මැයි 1 වැනිදා කම්කරු දිනය ලෙස සහ මැයි දිනය ලෙස ජාත්‍යන්තර වශයෙන් සැමරීමට මේ සටන අතිශය බලපෑවේය.