
කොලරාඩෝ හි මුහුණු වටා කළු පැහැති අං වැනි වර්ධනයක් සහිත හාවන්ගේ ඡායාරූප කිහපයක් අන්තර්ජාලයේ සංසරණය වූ අතර ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයන් එම හාවුන් හාවුන් සොම්බි හාවුන් ලෙස නම් කරන ලදි.
නමුත් කොලරාඩෝ උද්‍යාන සහ වනජීවී නිලධාරීන්පවසන්නේ හාවන් ෂොප් පැපිලෝමා වෛරසය නිසා ඇති වන සාපේක්ෂව හානිකර නොවන රෝගයකින් පීඩා විඳින බවයි. එසේම මෙවැනි හාවුන් පිළිබද නිරන්තර ඇමතුම් වනජීවිය වෙත ලැබුණ ද ඒවා අසාමාන්‍ය දසුනක් නොවන බව ඔවුන් පවසයි.
මිසූරි විශ්ව විද්‍යාලයට අනුව, මෙම රෝගය ප්‍රධාන වශයෙන් ඇමරිකාවේ මැදපෙරදිග ප්‍රදේශයේ දක්නට ලැබෙන අතර, වෛරසය පතුරුවන මැක්කන් සහ කිනිතුල්ලන් වඩාත් ක්‍රියාකාරී වන ගිම්හානයේදී රෝගය උත්සන්න වන බව පවසා තිබේ.
මිනිසුන් හෝ බල්ලන් සහ බළලුන් වැනි අනෙකුත් විශේෂවලට මෙම රෝගය පැතිර නොයන නමුත් ආසාදිත හාවුන් ස්පර්ශ නොකරන ලෙස ජනතාවට අනතුරු අඟවා තිබේ.
මෙම අං වැනි වර්ධනයන් හෙවත් පැපිලෝමා රෝගය ඇස් හෝ මුඛය වැනි සංවේදී ප්‍රදේශවල වර්ධනය නොවන්නේ නම් හෝ ආහාර ගැනීමට බාධා නොකරන්නේ නම් පමණක් හාවන්ට හානිකර නොවන අතර හාවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසයට එරෙහිව සටන් කළ පසු රෝගයද ඉබේම සුව වන බව වෛද්‍යවරු දක්වා තිබේ.
එසේම ආසාදිත වල් හාවුන්ට සාමාන්‍යයෙන් ප්‍රතිකාර අවශ්‍ය නොවුව ද එය සුරතල් හාවුන්ට අනතුරුදායක විය හැකි බැවින් සුරතල් හාවුන්ට පශු වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ඔවුන් නිර්දේශ කරයි.