අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත් හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළා.
එම මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවනු ලැබුවා.
එය කරුණු තහවුරු කිරීම සඳහා විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ අදාළ මෝසම සම්බන්ධයෙන් පැමිණිලිකාර අල්ලස් කොමිසම අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක එම ඉල්ලීම සිදු කරන ලෙසයි.
ඒ අනුව අදාල මෝසමින් ඉල්ලා සිටින කරුණට අදාළව අධිකරණය නියෝගයක් නිකුත් කළේ නෑ.
Update
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත් හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කළා.
එම මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවනු ලැබුවා.
මෙම මෝසම අද කැඳවූ අවස්ථාවේදී සැකකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටියි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව සැකකරුවකු වශයෙන් නම් කර සිටින තම සේවා දායකයා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔහු ඊට එරෙහිව කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධර පෙත්සමක් ඉදිරිපත් කළ බව සඳහන් කළා.
එම ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය අදාල පෙත්සම තුළ ප්‍රතිශෝධනයට අදාළ සුවිශේෂී කරුණු අධිකරණයට නිරීක්ෂණය වන බැවින් එම පෙත්සම විභාග කිරීම සඳහා වග උත්තරකාර අල්ලස් කොමිසමට නොතීසී නිකුත් කිරීමට නියෝග කළ බවත් ජනාධිපති නීතීඥවරයා පැවසුවා.
ඒ අනුව අදාළ ප්‍රතිශෝධන පෙත්සම ඉකුත් 07 වනදා අල්ලස් කොමිසම හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණය පෙනී සිටි බවත් ඔහු සඳහන් කළා.
ඒ අනුව අපේක්ෂිත ඇප ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් කොළඹ මහාධිකරණය හමුවේ පවතින බව අල්ලස් කොමිසම හොඳින් දැනුවත්ව සිටියදී තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නිවාඩු කාලයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණ එම කොමිසම විසින් වරෙන්තුවක් ලබා ගැනීම වැරදි සහගත බවයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියි.
එම වරෙන්තුව ලබා ගැනීමේදී මහාධිකරණය විසින් තමන්ට නොතීසි නොලැබුණු බව අල්ලස් කොමිසමේ නිලධාරීනිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කර ඇති බව කී ජනාධිපති නීතිඥවරයා අල්ලස් කොමිසම අධිකරණය නොමග යවමින් මෙම වරෙන්තුව ලබාගෙන තිබෙන බවත් සඳහන් කර සිටියා.
එම අවස්ථාවේදී මහාධිකරණය හමුවේ පවතින ප්‍රතිශෝධන පෙත්සමේ සැබෑ තත්ත්වය වැඩ බලන මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශ කර තිබුණේ නම් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙලෙස වරෙන්තු නිකුත් නොකරනු ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
එමෙන්ම අධිකරණ නිවාඩු කාලයේ මෝසමක් ඉදිරිපත් කොට නඩුවක් කැඳවිය හැක්කේ දැනට වරෙන්තු නිකුත් කර තිබෙන සැකකරුවෙකුට අදාළ වරෙන්තු ආපසු කැඳවීමට සහ ඇප ලබා ගැනීම සඳහා පමණක් බවත් මෙහිදී මෙහිදී ජනාධිපති නීතිඥවරයා සිහිපත් කළා.
එසේ තිබියදී අල්ලස් කොමිසම පවතින පටිපාටියට පටහැනි ලෙස වරෙන්තුවක් ලබා ගෙන තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියා.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ඇප පනතේ 25 වන වගන්තිය ප්‍රකාරව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුමක් පවතින විට යම් සැකකරුවකු සම්බන්ධයෙන් වරෙන්තුවක් පිළිබඳ ඉල්ලීම් කරන්නේ නම් එය සිදු කළ යුත්තේ මහාධිකරණය හමුවී බව පෙන්වා දුන්නා.
ඒ අනුව මහාධිකරණය හමුවේ කරුණු දැක්වීමකින් තොරව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙවැනි ඉල්ලීමක් කර වරෙන්තු ලබා ගැනීම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
තම සේවාදායකයා විමර්ශන මගහරිමින් සිටින බව අල්ලස් කොමිස්ම ප්‍රකාශ කළත් එය තරයේ ප්‍රතික්ෂේප කළ ජනාධිපති නීතිඥවරයා අපේක්ෂිත ඇප අයදුමක් ඉදිරිපත් කර එහි තීරණයක් ලැබෙනතරු බලා සිටීම අධිකරණය මගහැරීමක් වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළා.
අපේක්ෂිත ඇප පෙත්සමක් ඉදිරිපත් කිරිම යනු සිය සේවා දායකයාට තිබෙන නීතිමය හිමිකමක් බවත් ඔහු සඳහන් කර සිටියා.
ඒ අනුව මෙම වරෙන්තුව නීතිමය වශයෙන් දෝෂ සහගත තත්ත්වයක් යටතේ ලබාගෙන ඇති බව සලකා එය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එමෙන්ම අල්ලස් කොමිසම අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පැවැත්වීම සඳහා එම කොමිසම වෙත නොතීසි නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් ඉල්ලීම් කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම මෝසමෙන් දක්වා ඇති කරුණු පැමිණිලිකාර අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පෙනී සිටින අවස්ථාවක සිදු කිරීමට කටයුතු කරන ලෙසයි.
ඒ අනුව මෙම මෝසම මගෙන් ඉල්ලා තිබෙන සහන සම්බන්ධයෙන් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළේ නැහැ.
2012 වසරේ කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට වැඩි පාඩුවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයට අදාළව සැකකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා ඉකුත්දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණා.
සැකකාර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීම දිගින් දිගටම මගහරිමින් සිටින බවට එම කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉකුත්දා(12) මෙම වරෙන්තුව නිකුත් කර තිබුණා.
