ලෝක ඡායාරූප දිනය අදට (19) යෙදී තිබෙනවා.
1839 වසරේ අද වැනි දිනක ප්‍රංශ රජය විසින් ලෝක ඡායාරූප දිනය ප්‍රකාශයට පත් කර ඇත.
Joseph Nicèphore Nièpce සහ Louis Daguerre විසින් ඩැගියෝ චිත්‍රය (Daguerreotype) සොයාගැනීමත් සමඟ ඡායාරූපකරණය ආරම්භ වීම හේතුවෙන් ලෝක ඡායාරූප දිනය බිහි වී තිබෙනවා.
ඩැගියෝ චිත්‍ර (Daguerreotype) ක්‍රමය යනු ලොව පළමු ප්‍රායෝගික ඡායාරූපකරණ ක්‍රියාවලිය වේ.
අවුරුදු 90කට පෙර ලොව පළමු වාණිජ කැමරාව වන මිලිමීටර් 35 පටල කැමරාව නිපදවා ඇති අතර ඩිජිටල් කැමරාව මීට වසර 20කට පෙර ලොවට හදුන්වා දී ඇත.
මේ වනවිට ලොව වෙසෙන ලොකු කුඩා සැමට ඡායාරූපකරණය සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්වී තිබෙනවා.
