හිඟුරක්ගොඩදී බිහිසුණු අනතුරක් 3ක් රෝහලට

හිඟුරක්ගොඩ – මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී අද උදේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වුණා.

වඩිගවැව ප්‍රදේශයේ සිට හිඟුරක්ගොඩ බලා ධාවනය වූ එම බස් රථය හිගුරක්ගොඩ සිට මැදිරිගිරිය දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයේ ගැටී තිබෙනවා.

තුවාල ලබා ඇත්තේ එම රථයේ සිටි තිදෙනායි. බස් රථයේ ගමන් කළ කිසිවෙකුටත් අනතුරක් සිදුව නැති බවයි හිඟුරක්ගොඩ පොලීසිය පවසන්නේ.