ගාසා තීරයේ සටන් විරාමයක් වෙනුවෙන් කලාපීය මැදිහත් කරුවන් ඉදිරිපත් කළ නවතම යෝජනාවට හමාස් සංවිධානය එකඟතාව පළ කර තිබෙනවා.
ඊශ්‍රායලය, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ කොන්දේසි ඉදිරිපත් කර ඇති බවයි, වාර්තා වන්නේ.
ඊජිප්තුව හා කටාර් රාජ්‍යයන් ඉදිරිපත් කළ මෙම සටන් විරාම යෝජනාව සකස් කර ඇත්තේ, පසුගිය ජූලි මාසයේ දී එක්සත් ජනපද තානාපති ස්ටීව් විට්කෝෆ් විසින් ඉදිරිපත් කරන ලද කරුණු මත පදනම්වයි.
ඒ අනුව, දින 60 කාලයක් සඳහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතු වනවා.
එම කාලය තුළ හමාස් සංවිධානය භාරයේ සිටින ඉතිරි ප්‍රාණ ඇපකරුවන් අවස්ථා දෙකකදී නිදහස් කළ යුතු බවයි, යෝජනාවේ සඳහන් වන්නේ.
එහෙත්, සටන් විරාමය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් එකඟතාව ප්‍රකාශ කර නොමැති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරන්නේ, සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් එකවර නිදහස් කළහොත් පමණක් සටන් විරාම ගිවිසුම පිළිගන්නා බවයි.
