දයානුකම්පිත අධිකරණ තීන්දු හේතුවෙන් අන්තර්ජාලය තුළ අතිශය ජනප්‍රිය වූ අමෙරිකානු විනිසුරුවරයෙකු වන ෆ්‍රෑන්ක් කැප්‍රියෝ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 88ක්.
ෆ්‍රෑන්ක් කැප්‍රියෝ යනු අමෙරිකානු නීතිඥයෙක් සහ විශ්‍රාමික මහ නගර අධිකරණ විනිසුරුවරයෙක්.
ඔහු ප්‍රධාන වශයෙන්ම ප්‍රසිද්ධියට පත් වුණේ, “Caught in Providence” නමැති රූපවාහිනී වැඩසටහන නිසා.
මෙම වැඩසටහනින් ඔහු අධිකරණයේදී විවිධ පුද්ගලයන් සමඟ කතා කරන ආකාරය ලොව පුරා ප්‍රසිද්ධ වුණා.
