බුම්‍ රා පිටියට බහිද්දී බිරිඳ විස්තර විචාරයට එයි

ආසි­යානු කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ නිවේ­දක මඬු­ල්ලට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාගේ බිරිය සංජනා ගනේ­සන් ඇතු­ළත්ව සිටී. ඇය එක් අව­ස්ථා­වක ක්‍රීඩා නිවේ­දි­කා­වක් ලෙස පෙනී සිටී­මට ඉන්දීය රුපි­යල් ලක්ෂ 20ක අවම මුද­ලක් (ශ්‍රී ලංකා රුපි­යල් ලක්ෂ 68ක් පමණ) අය කරන බව පැවසේ.

ඉන්දි­යාවේ සංජනා ගනේ­සන් සමඟ පාකි­ස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩිකා උරෝජ් මුම්ටාස් හා ඉන්දීය හිටපු ටෙනිස් තරු­වක් වූ තන්වී ෂා මෙවර ආසි­යානු කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ නිවේ­දක මඬු­ල්ලට ඇතු­ළත් වූ කාන්තාවෝ වෙති. එයට අම­ත­රව සුනිල් ගව­ස්කාර්, රවි ශාස්ත්‍රී, සන්ජේ මන්ජ­කාර්, රොබින් උතප්පා, සයි­මන් ඩූල්, වකාර් යුනුස්, වසීම් අක්‍රම්, රසල් ආනොල්ඩ්, රෂීඩ් ඛාන්, මයික් හෙයි­ස්මන්, මැට් ෆ්ලොයිඩ්, අතාර් අලි ඛාන් හා සමීර් තොච්චාර් යන ප්‍රවී­ණයෝ ද විස්තර ප්‍රකා­ශක කුටියේ සිටිති.

බුම්රාගේ බිරිය සංජනා ගනේ­සන් ක්‍රිකට් පිටියේ ඔහුගේ චතුර නිවේ­දි­කා­වක් මෙන්ම ප්‍රසිද්ධ මාධ්‍ය පෞරු­ෂ­යකි. සංජනා ගනේ­සන් ක්‍රීඩා මාධ්‍ය­වේ­දි­නි­ය­කට අම­ත­රව සහ රූප­වා­හිනී වැඩ­ස­ට­හන් ඉදි­රි­පත් කර­න්නි­යකි. ඇය 2019 අයි­සීසී ක්‍රිකට් ලෝක කුස­ලා­නය, 2020 කාන්තා විස්සයි20 ලෝක කුස­ලා­නය, 2023 කාන්තා ප්‍රිමි­යර් ලීගය, 2021 සහ 2022 විස්සයි20 ලෝක කුස­ලා­නය සහ තවත් බොහෝ ප්‍රධාන සිදු­වීම් ආව­ර­ණය කර ඇත.

සංජ­නාගේ ඇස්ත­මේ­න්තු­ගත ශුද්ධ වටි­නා­කම රුපි­යල් කෝටි 8ක් පමණ යැයි ඉන්දීය මාධ්‍ය සද­හන් කර සිටී. බුම්රා හා සංජනා යුව­ළගේ ඒකා­බද්ධ ශුද්ධ වටි­නා­කම රුපි­යල් කෝටි 68ක් පමණ යැයි ගණන් බලා ඇත. ඔවුන්ගේ තනි ව්‍යාපාර සහ ඒකා­බද්ධ ආයෝ­ජ­න­ව­ලින් විශාල මුද­ලක් උපයා ගන්නා බව සඳ­හන් වේ.

1991දී පූනේහි උපත ලැබූ සංජනා ගනේ­සන්, ඉන්දීය හිටපු නිරූ­පි­කා­වක් ද වේ. ඇය නිරූ­පණ ක්ෂේත්‍රයේ 2013දී ෆෙමිනා මිස් ඉන්දියා පූනේහි අව­සන් තර­ග­කා­රි­යක් බවට පත් වූවාය. 2021දී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා සමඟ විවාහ වූ සංජනා අද ක්‍රිකට් විස්තර ප්‍රචා­රක කුටි­යට නැති­වම බැරි කාන්තා­වකි.