අයිස් සමඟ සැකකරුවෙකුට මාංචු

දෙහිවල, විලියම් හන්දිය අසලදී ඊයේ (13) දින උදෑසන අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 95ක් සොයා ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 62ක් වන බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.