කැබිතිගොල්ලෑව – පදවිය ප්රධාන මාර්ගයේ මහනැටියාව ප්රදේශයේ කිලෝ මීටර 7 කණුව ඉදිරිපිටදී ඊයේ මෝටර් රථයක් සහ කැබ් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි, අප වාර්තාකරු සඳහන් කළේ. මිය ගොස් ඇත්තේ, මැදවච්චිය ප්රදේශයේ පදිංචි 47 හැවිරිදි ගුරුවරයෙක්. අනතුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
