ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියට සැඟව සිටීමට හා පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2025.02.19 වන දින අළුත්කඩේ අධිකරණ සංකීර්ණය තුලදී ඝාතනය වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා ඉන්දියාවට මුහුදු මාර්ගයෙන් බෝට්ටුවක් ආධාරයෙන් පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (20) දින කිලිනොච්චිය උදයනගර් ප්රදේශයේදී හා තිහාරිය, ඕගොඩපල ප්රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 29 හා 42 වයස්වල පසුවන යාපනය හා කිලිනොච්චිය ප්රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
