මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ ඔඩිසි සංචාරක දුම්රිය තලවකැලේ වටගොඩ දුම්රිය ස්ථානයේදි (26) දින පස්වරු 1:30ට පමණ පීලි පැන ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.
එම දුම්රියේ පසුපස එන්ජිම කොටස පීලි පැන ඇති බවත්, දුම්රියේ එන්ජිම පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා නොවන බවයි පාලක මැදිරිය කියා සිටියේ.
වටගොඩ දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග 02ක් ඇති බවත්, ඉන් එක් මාර්ගයක දුම්රිය එන්ජිම පීලි පැන ඇති නිසා අනෙක් දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කළ හැකි බවයි වටගොඩ දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු කියා සිටියේ.
පිළි පැනීමට ලක් වූ ඔඩිසි දුම්රියේ සිටි සංචාරකයන්ව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා උඩරට මැණිකේ දුම්රියෙන් පිටත් කර නවා තිබෙනවා.
පීලි පැනීමට ලක් වූ දුම්රිය එන්ජිම පීලි ගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.
