
චීනය සහ අමෙරිකාව අතර පවතින වෙළඳ අර්බුධය විසඳා ගැනීම සඳහා මූලික එකඟතාවයන් කිහිපයකට පැමිණ තිබෙනවා. ට්‍රම්ප් සහ චීන ජනපති ෂී ජින් පිං අතර හමුවක් එළඹෙන බ්‍රහස්පතින්දා දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතයි. මෙම එකඟතාවන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය වන දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය අපනයනය සඳහා චීනය සීමාවන් දැඩි කිරීමට ප්‍රතිචාර වශයෙන් නොවැම්බර් මාසයේ සිට චීන භාණ්ඩ සඳහා අතිරේක 100% තීරු බදු පනවන බවයි ට්‍රම්ප් පවසා සිටින්නේ. ලෝකයේ දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය 90%ක් පමණ චීනයේ සැකසෙන අතර මෙම වසර මුලදී ට්‍රම්ප් චීන භාණ්ඩ සඳහා තීරු බදු වැඩි කිරීමෙන් අනතුරුව එම ද්‍රව්‍ය මත යැපෙන බොහෝ ඇමෙරිකානු සමාගම්වලින් දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. TIKTOK යෙදවුමේ ඇමෙරිකානු මෙහෙයුම් පිලිබඳ ගිවිසුමකට එළඹ ඇති අතර දෙරට නායකයින් ඒ පිළිබඳව මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්චා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජාතික ආරක්ෂක ගැටළු හේතුවෙන් චීන මව් සමගම වන BYTEDANCE වෙතින් යෙදුමේ ඇමෙරිකානු මෙහෙයුම් ඉවත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය මීට පෙර උත්සහ කර තිබෙනවා.