දකුණු අප්‍රිකානු කෙල්ලෝ පළමුවරට ලෝක කුසලාන අවසන් මහා සටනට

ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු වරට දකුණු අප්‍රිකා කණ්ඩායමක් අවසන් තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාකර ගැනීමට ඊයේ සමත්වුණා.

ඒ එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු අවසන් පූර්ව තරගය ලකුණු 125 කින් ජය ගනිමින්.

තරගය පැවැත්වුණේ ඉන්දියාවේ ගුහාටි හිදි. පළමුවෙන් කාසියේ වාසිය හිමිකරගත් එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 319 ක් රැස්කළා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක් වන නායිකා ලෝරා වොල්වාර්ඩ් සමගින් ටස්මින් බ්‍රිට්ස් පළමු කඩුල්ලට පළමු කඩුල්ලට ලකුණු 116 ක සබඳතාවක් ගොඩනැගුවා.

විශිෂ්ට නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ලෝරා වොල්වාර්ඩ් ලකුණු 169 යි. ටස්මින් බ්‍රිට්ස් ලකුණු 45 යි.

මැරිසන් කැප් ලකුණු 42 යි. පන්දු යැවීමේදි එංගලන්ත ක්‍රීඩක සොෆි එක්ල්ස්ටෝන් කඩුලු 4 ක් බිඳහෙලුවා.

ලකුණු 320 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 42 යි පන්දු 3 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 194 ක් පමණයි.

ඇලිස් කැප්සි ලකුණු 50 ක් රැස්කළා. එංගලන්ත කණ්ඩායමේ නායිකා නැට් සිවර් ලකුණු 64 යි.

පන්දුයැවීමේදි දකුණු අප්‍රිකා ක්‍රීඩිකා මැරිසන් කැප් කඩුලු 5 ක් දවා ගත්තා.