විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ”රටම එකට ජාතික මෙහෙයුමට” සමගාමීව අදාළ තොරතුරු දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්.
අද සිට හඳුන්වා දී ඇති එම 1818 ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මකයි.
මෙමගින් ජනතාවට දිවයින පුරා සිදු කෙරෙන මත්ද්‍රව්‍ය බෙදාහැරීම, ජාවාරම් හෝ ඒ ආශ්රිත සැකකටයුතු ක්රියාමාර්කම් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදිය හැකියි.
රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ ඉල්ලීම පරිදි මෙම 1818 දුරකථන අංකය ක්‍රියාත්මක බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ.
