ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට ඈඳාගැනීමේ යෝජිත ක්‍රියාවලියට එරෙහි වන මිත්‍ර පාර්ශවීය රටවල් අටක් සඳහා නව තීරුබදු පැනවීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබු තීරණය යුරෝපීය නායකයින් දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
එම නව තීරු බදු එළඹෙන පෙබරවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක නියමිත බවයි වාර්තා වන්නේ.
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයන්ට එකඟ නොවන රටවල් සඳහා නව තීරු බදු පනවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව, ග්රින්ලන්තය එක්සත් ජනපදයට ඈඳා ගැනීමේ යෝජිත පියවරට එරෙහි වන මිත්‍ර පාර්ශ්වීය රටවල් අටක් සඳහා මෙම නව තීරු බද්ධ පනවා ඇති බවයි වාර්තා වන්නේ.
ඩෙන්මාර්කය, නෝර්වේ, ස්විඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවලින් එක්සත් ජනපදය වෙත අනායනය කෙරෙන සියලුම භාණ්ඩා සඳහා සියයට දහයක නව තීරු බද්දක් එළඹෙන පෙබරවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක බව ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.
පසුව එළඹෙන ජූනි මස එම නව තීරු බද්ද සියයට 25ක් දක්වා ඉහළ යා හැකි බවද ඔහු සඳහන් කළා.
ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට ඈඳා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එම රටවල් ගිවිසුමකට එළඹෙන තෙක් මෙම නව තීරු බද්ද ක්‍රියාත්මක වනු ඇතැයිද ජනාධිපති ට්‍රම්ප් පවසනවා.
එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම ඉතා වැදගත් බව ඔහු යළිත් අවධාරණය කළා.
මේ අතර ග්‍රීන්ලන්තය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් නව තීරු බදු පැනවීමට ජනාධිපති ට්‍රම්ප් විසින් ගනු ලැබු පියවර, යුරෝපීය රටවල නායකයින් දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් පවසනනේ, ජනාධිපති ට්‍රම්ප් මෙම නව තීරු බදු පැනවීම පිළිගත නොහැකි බවයි.
ජනාධිපති ට්රම්ගේ මෙම පියවර, මුළුමනින්ම වැරදි ක්‍රියාවක් බව එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමර් පෙන්වා දෙනවා.
ස්විඩන් අගමැති අල්ෆ් ක්‍රිස්ටර්සන් ප්‍රකාශ කළේ ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම පියවරට ඒකාබද්ද ප්‍රතිචාරයක් දැක්වීම සඳහා සෙසු යුරෝපීය රටවල් සමග මෙන්ම නෝර්වේ සහ එක්සත් රාජධානිය සමග මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
