ලෝක ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාව සතු කළ අභිමානවත් ජයග්‍රහණයට අදට වසර 30යි

මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලබාගත් පළමු ක්‍රිකට් ලෝක කුසලානයට අදට වසර තිහක් සපිරෙනවා.

අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක්දින ලෝක ක්‍රිකට් කිරුළ හිමිකරත්තේ 1996 වසරේ මාර්තු 17 වැනි දිනයි.

පාකිස්ථානයේ ලාහෝර් නුවර පැවති ලෝක කුසලාන අවසන් තරඟයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු හතකින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 242ක ඉලක්කයක් හඹා ගොස් පන්දු 22ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය වාර්තා කළා.

මෙහිදී අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී ලකුණු 42කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

අවසන් තරගයේ වීරයා සම්මානය අරවින්ද ද සිල්වාට හිමිවෝ අතර තරගාවලිය වීරයා සනත් ජයසූරිය.

ලෝක ශූර කණ්ඩායමට අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම, හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, කුමාර් ධර්මසේන, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, උපුල් චන්දන, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ මාවන් අතපත්තු යන විශිෂ්ට ක්‍රීඩකයන් ද ඇතුළත් වුණා.

මෙම තරගාවලිය පැවැත්වුණේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පාකිස්තානයේ සම සත්කාරකත්වයෙන්.