මරදන්කඩවල, හිනුක්කිරියාව වැවේ දියනෑමට ගියදැරියක් ඊයේ (19) දින දහවල් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.
මරදන්කඩවල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 09ක් වූ ගනේවල්පොල ප්‍රදේශයේ පදිංචි දැරියකි.
මරණකාරිය තම මිත්තණිය සමග ඉහත වැවේ දියනාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති අතර පසුව ගම්වාසීන්, පොලිස් නිලධාරීන් හා වනජීවි නිලධාරීන් විසින් වැවට බැස දැරිය සෙවීමේදී කිඹුලා විසින් ඩැහැගත් දැරිය අතහැර දමා ගොස් ඇති අතර එම දැරිය මරදන්කඩවල රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් සිට ඇත.
මරදන්කඩවල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
