වැල්ලවාය තණමල්විල ප්රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්රදේශයට අයත් වෙහෙරයාය ප්රදේශයේ දී ටිපර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

ලොරි රථයේ සිදු වූ කාර්මික දෝෂයක් නිසා මෙම අනතුර සිදු ව තිබෙනවා. අනතුරින් ලොරි රථයේ රියදුරු තුවාල ලබා වැල්ලවාය මූලීක රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙසේ අනතුරට ලක් වී ඇත්තේ කාත්තන්කුඩි ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර අනතුරින් ලොරි රථයට දැඩි අලාභහානි සිදු වී තිබෙනවා. අනතුර සම්බධයෙන් වැල්ලවාය පොලිසිය විමර්ශන කටයුතු සිදුකරනවා.