කොළඹ නගරය හා ඒ අවට විශේෂ රථ වාහන සැලැස්මක්

ඉන්දීය උප ජනාධිපති සී.පී රාධක්‍රිෂ්ණන් මහතාගේ මෙරට නිල සංචාරය වෙනු අදාළව අද (19) සහ හෙට (20) යන දෙදින තුළ කොළඹ නගරය හා ඒ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

උප ජනාධිපතිවරයා අද (19) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් දිවයිනට ළඟාවීමට නියමිත අතර, එතැන් සිට ඔහු ප්‍රභූ රථ පෙළකින් ගාලුමුවදොර ටාජ් සමුද්‍රා හෝටලයට පැමිණීමට නියමිතයි.

එම කාලසීමාවේ අදාළ ප්‍රදේශ ආශ්‍රිතව මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වනවා.

ඉන්දීය උප ජනාධිපතිවරයා එම හෝටලයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිත බැවින් ඒ ආශ්‍රිතව ද රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි පොලිසිය පවසන්නේ.