නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණෙන ජනතාවට විශේෂ දැනුම්දීමක්

එළඹෙන 2026 නොවැම්බර් මස 02 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) සේවාවන් ලබාගැනීම සඳහා වන මාර්ගගත (Online) ක්‍රමවේදය හරහා වේලාවන් වෙන්කරවා ගැනීමේ පහසුකම නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම සහ තාක්ෂණික ගැටලු සම්බන්ධ කටයුතු සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට පෙර මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ වේලාවන් වෙන්කරවා ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

උදෑසන කාලයේ සිටම දෙපාර්තමේන්තුව වෙත පැමිණ ජනතාව දීර්ඝ පෝලිම්වල රැඳී සිටීම අවම කිරීම සහ වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණයි.