විදුලි හා දුරකතන රැහැන් සොරකම් කළ 3ක් මාරවිලදී අත්අඩංගුවට

විදුලි රැහැන් හා දුරකතන රැහැන් සොරකම් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදුලි රැහැන් හා දුරකතන රැහැන් සොරකම් කිරීමේ අපරාධ 09ක් සම්බන්ධයෙන් මාරවිල පොලිස් ස්ථානයට ලද පැමිණිලි මත මාරවිල පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව ඊයේ (30) දින උදෑසන මාරවිල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාරවිල ප්‍රදේශයේදී මෙම සොරකම් වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සොරකම් කරන ලද දේපල කිහිපයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 28, 29 හා 33 වයස්වල පසුවන මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මාරවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.