වට්ස්ඇප් මගින් වටිනා තෑගි පාර්සලයක් ලබා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකාරියක් අත්අඩංගුවට

වට්ස්ඇප් සමූහය මගින් වටිනා තෑගි පාර්සලයක් ලබා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය වට්ස්ඇප් සමූහය මගින් වටිනා තෑගි පාර්සලයක් ලබා දෙන බව පවසා රුපියල් 1,455,000/- (දහහතර ලක්ෂ පනස්පන්දාහසක්) මුදලක් සැකකාරියගේ ගිණුම වෙත බැර කරවා ගෙන මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව ඊයේ (30) දින උදෑසන කටුනායක ගුවන්තොටුපල මගී පර්යන්තයේදී ඉහත වංචා කිරීමට සම්බන්ධ සැකකාරිය විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය අවුරුදු 46 ක් වන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.