බලශක්ති අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු වූ මෙම වැඩභාර ගැනීමේ අවස්ථාවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.ආර්.ඩී.අපෝන්සු මහතා සහභාගී වූහ.
බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මොහොමඩ් අක්රම් (Ilyas Muhammadu Arkam) මහතා ද, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ද, හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ද මෙම අවස්ථාවට එක් වූහ.
අමාත්‍යවරයා වැඩභාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් ද සමඟ කෙටි සාකච්ඡාවකට සම්බන්ධ වූහ.
විශේෂයෙන් මේ වන විට මැද පෙරදිග යුද්ධය හමුවේ බලශක්ති කේන්ද්‍රය තුළ ඇති වී තිබෙන අර්බුධකාරී තත්ත්වයට හිටපු අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් නිවැරදි සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවත්, තමාද ඒවා ඉදිරියට ක්‍රියාත්මක කරමින් ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමට කැපවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළ සිටියේය.
තවද බලශක්ති සැපයුම පිළිබඳ ජනතාව තුළ හොඳ විශ්වාසයක් තිබිය යුතු බව ද ඒ පිළිබඳව සත්‍ය කරුණු සමාජයට සන්නිවේදනය කරමින් මාධ්‍ය වගකීම ඉටු කරන ලෙස පැමිණි සිටි මාධ්‍ය වලින් ද ඉල්ලීමක් කළේය.
