දිවයිනට පැමිණි රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුලු පිරිස අද (04) කොළඹ ජාතික රෝහලේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.
රුසියානු සෞඛය අමාත්‍යවරයා, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත යාමටද නියමිතයි.
තෙදින නිල සංචාරයක් සඳහා රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු 07 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිස ඊයේ (03) දිවයිනට පැමිණියා.
ඔහුගේ මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා එකඟතාවයන්ට එළඹීමටද නියමිතව තිබෙනවා.
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු නියෝජිත පිරිස, ඖෂධ සහ වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥයින්ගේ පුහුණුව සහ උසස් පුහුණුව, අධ්‍යයන සහයෝගීතාව, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය, ඩිජිටල්කරණය, සංචාරක සෞඛ්‍ය සේවාව ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රධාන ක්ෂේත්රයන්ගේ සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා අදහස් හුවමාරු කර ගැනීමට නියමිතයි.
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු පිරිස තෙදින සංචාරය නිමකරමින් හෙට (05) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.
